Sunday, January 6, 2013

නිධාන... Treasures...


ලිපියක් ලිවීමට දෙවිදුන් ලබාදුන් අවස්ථාව ගැන එතුමන්ට සියළු ගෞරවයද ප්‍රශංසාවද මහිමයද පුද කර සිටිමි. 

සාමන්‍යයෙන් එදිනෙදා ජීවිත්යෙදී අප් විසින් ආශා කරන සහ අප ලබා ගැනීමට හෝ සෙවීමට පෙලබෙන දේ බොහෝය. මෙලෙස අප සොයා යන සහ අපගේ ආශාවන් වර්ගීකරනය කිරීමේදී මැසිලොව් ගේ අවශ්‍යතා දූරාවලිය සැලකිය හැකිය.
1.      කායික අවශ්යතාවයන්
2.      ආරක්ෂක අවශ්යතාවයන්
3.      හිමිවන/ඇතිවන අවශ්‍යතාවයන්
4.      ගරුසරුව හා සැලකිල්ල අවශ්‍යතාවයන්
5.      පුබුදුවීමේ අවශ්‍යතාවයන්

යන ප්‍රධාන කාණ්ඩ 5 යටතට අපිට වෙන් කරගත හැක. නමුත් සැලකිලිමත්ව නිරීක්ෂණය කිරීමේදී මෙවා සියල්ල ඉතා ඉක්මනින් අහිමි වී යා හැකිය. එය දේව වචනය තුල.
 

"මෙලොව ඔබට වස්තු රැස්කර නොගන්න. මලකඩ ද කාවෝ ද ඒවා කා දමති. සොරුද උමං කැණ ඒවා සොරාගනිති. " මතෙව් 6:19.
 

මගින් අප සොයා යන මෙලොව වස්තු වල අවිනිශ්චිත භාවය මනාව අවබෝධ කරදී තිබේ. මෙලෙස මෙලොව කොතරම් වස්තු තිබුනද, ඒවා එකතු කලද අවසානයේ විනිශ්චයට මුහුන දීමට සිදුවන විට මෙවායින් අප ගෙනියන දෙයක් නැත.

යේසුස් වහන්සේ පවසන ආකාරයට අපරැස් කල යුතු වස්තුවක් ඇත එනම් සග සම්පත්ය. 

"එහෙත්, ස්වර්ගයෙහි ඔබට වස්තු රැස්කර ගන්න. එහිදී මලකඩ වත් කාවෝ වත් ඒවා නාස්ති නොකරති. සොරුද උමං කැණ ඒවා නාස්ති නොකරති." මතෙව් 6:20.

ස්වර්ග රාජ්‍යයට උරුමකම් කියන ඔබ මම සදාකාල ජීවනය සදහා පිවිසෙන එම ස්ථානය තුල රැස්කරන වස්තු කිසිදා විනාශ නොවන බවට ක්‍රිස්තුස් වහන්සේ අපට මේ ආකාරයට පොරොන්දු වී ඇත.

මින් අනතුරුව සිත් තුල හටගන්නා අනෙක් ප්‍රශ්නය නම් "මොනවද මේ සග සම්පත් ?"

1. "එහෙත් පළමුකොට උන්වහන්සේගේ රාජ්‍යයද ධර්මිශ්ඨකමද සොයන්න;" මතෙව් 6:33.

උන්වහන්සේ මූලිකව අපෙන් බලාපොරොත්තු වන්නේ උන්වහන්සේ අපට පැවසූ ආකරයට දේව රාජ්‍යට ඇතුල් වීම සදහා වෙර දැරීමවන අතර එ සදහා දේව වචනය තුල එදිනෙදා ජීවිතයේ පැවත්මයි. උන්වහන්සේගේ රාජ්‍ය සෙවීම තුල අපට සදාකාල ජීවනයට ඇතුලු වීමට අවශ්‍ය මූලික සුදුසුකම වන පව් කමාවට පිවිසිය හැක. මේතුල ජීවන දායක පොතේ අපගේ නම සටහන් වීමෙන් ප්‍රථම සග සම්පත උරුම කරගත හැකිය.

2. "එක් එක්කෙනා අකැමැත්තෙන් වත් බලකිරීම නිසා වත් නොව, සිය කැමැත්තෙන් තීරණය කරගත් ලෙස දිය යුතු ය. සතුටු සිතින් දෙන්නාට දෙවියන් වහන්සේ ප්‍රේම කරන සේක." 2 කොරින්ති 9:7


දෙවිදුන්ගේ සැපයීම කොතරම්ද කියනවනම් එතුමා බොහෝවිට අපට අවශ්‍ය ප්‍රමාණයටත් වඩා කාලය, ශ්‍රමය, ධනය ලබා දී තිබේ. එතුමා අපෙන් බලා පොරොත්තු වන්නේ එම සැපයීම් වලින් නැවත දසයෙන් කොටසක් වැනි සුළු ප්‍රමාණයකි. එය දේව රාජ්‍යය සදහා ආයෝජනයකි. එනම්, සග සම්පත් රැස් කිරීම සදහා කැපකිරීමකි. 



3. "එහෙත් මේ අති ශ්‍රේෂ්ඨ බලය අපගෙන් නොව දෙවියන් වහන්සේගෙන් වන බව දක්වන පිණිස, අපි මේ වස්තුව රැස් කර තැබූ මැටි බදුන් හා සමානය." 2 කොරින්ති 4:7

අපි තුල ඇති ජීවිත සාක්ෂිය එනම් පෞද්ගලික මරණින් නැවත නැගිටීම පිලිබද සාක්ෂිය අප තුල ගැබ් උනාවූ අති විශාල බලයකි. මෙම බලය අන් අය සමග බෙදා ගැනීමද ඒ තුලින් ක්‍රිස්තුස් වහන්සේ තුල අප ලැබූවාවූ අත් දැකීම ඔවුනටද බෙදා දීමෙන් ඔවුන්වද සදාකාල ජීවනයට පැමිණවීම දෙවිදුන් අපෙක්ෂා කරයි. මෙය සදාකාල ජීවනයට පිවිසීමේදී අප රැස්කරගන්නා ජීවන්යේ තවත් සම්පතකි.

 4. "ඔවුන් දැහැමි ක්‍රියාවල යෙදී සිටින ලෙස ද දැහැමි ක්‍රියාවලින් ධනවත් වන ලෙස ද, සියල්ල අනුන් හා සමග ත්‍යාගශීලී ව බෙදාගැනීමට ළැදි වන ලෙස ද අවවාද කරන්න. මෙසේ කිරීමෙන් ඔව්හූ අනාගතය සදහා ස්ථිර පදනමක් වන ධන සම්භාරයක් රැස් කරගන්නෝ ය." 1 තිමෝති 6:18-19
 
මේ සියල්ල සමගම දේව අණපනත් අනුව ‍යැමෙන් ද රැස් කර ගත හැකි සම්පත් පිලිබදව මෙම වචනයේ මැණවින් සදන් කර ඇත.

මෙලෙස දේව රාජ්‍යය සදහා සම්පත්  රැස් කලවිට අපට මෙ ලෝකයේ ජීවත් වීමට අව්ශ්‍ය දේ කොයින්ද ? යේසුස් වහන්සේ එම අවශ්‍යතාද සපයන බව
"එවිට ඒ සියල්ලද ඔබට දෙනු ලැබේ." මතෙව් 6:33 මගින් අපට පෙන්වා දී ඇත.

මේ අනුව අපත් ලෞකික සැප සම්පත් නොව සග සම්පත් එකතු කිරීම සදහා අපගේ පෙරගමන් සකස් කර ගනිමු. 

ඔබට යේසු පිහිටයි!!!


 




Saturday, November 5, 2011

වෙන්න කමා... Forgive Me…


ගැලවීම ලිපියට ලැබුනාවූ ප්‍රතිචාර අතරින් පාපය සහ පාප කමාව පිලිබද ප්‍රශ්න කිහිපයක් තිබුණි. එම ප්‍රශ්න වලට කෙටි පිලිතුරැ ලබා දුන්නද මෙම ලිපිය තුලින් ඒ පිළිබදව පුළුල් පැහැදිලි කිරීමක් කිරීමට බලාපොරොත්තු වෙමි.
එදිනෙදා ජීවිතයේදී අප කරනා වැඩකටයුතු වලදී බොහෝ අවස්ථා වලදී අපගේ කැමැත්ත අනුව පාපයට වැටේ. පාපය නම් දේව කැමැත්තට විරැද්ධව යාමය. දේව වචනය අනුව මිනිසා පාපයට වැටෙන්නාවූ ආකාර තුනකි.
"ලෝකයටවත් ලෝකයෙහි තිබෙන දේවලටවත් ප්‍රේම නොකරන්න. යමෙක් ලෝකයට ප්‍රේමකෙරේ නම්, පියාණන්වහන්සේ කෙරෙහි ප්‍රේමය ඔහු තුළ නැත. මක්නිසාද ලෝකයෙහි තිබෙන සියල්ල එනම්, මාංසයේ තෘෂ්ණාවත් ඇස්වල තෘෂ්ණාවත් ජීවිත්යේ අහංකාරකමත් පියාණන්වහන්සේගෙන් නොව ලෝකයෙන් වේ."1 යොහාන් 2:15-16
මෙහි සදහන් ආකාරයට මිනිසා ලෝකයේ තෘෂ්ණාවන් වන මාංශයේ තෘෂ්ණාව, ඇස්වල තෘෂ්ණාව හා ජීවිතයේ අහංකාරකම නිසා දෙවියන් වහන්සේට හා උන්වහන්සේගේ අණ පණත් වලට විරැද්ධව යමින් පාපයට පෙළබීම සිදුවේ. ඊට අමතරව අපි ජන්ම පාපයට ද මුහුණ දී සිටිමු.
අප එදිනෙදා මුහුණ දෙන පරීක්ෂාවන් මත අපට තිබෙන්නාවූ අශාවන් අනුව ගමන් කිරීම මිනිසා මූලික වශයෙන් පාපයට වැටීමට හේතුවී තිබේ. නමුත්
"අපගේ පාපවල් අප කියාදෙමු නම්, අපේ පව් කමා කරන්ටත් සියළු අධර්මිශ්ඨකමින් අප පවිත්‍ර කරන්ටත් උන්වහන්සේ විශ්වාසව ධර්මිෂ්ඨව සිටිනසේක. අපි පව් කලේ නැතැයි කියමු නම්, අපි උන්වහන්සේ බොරුකාරයෙක් කරමුව, උන්වහන්සේගේ වචනද අප තුල නැත."                            1 යොහාන් 1:9-10
වචනය තුල අපි අපගේ පාපය කියා දීමට එනම් පාපොචචාරණය කිරීමට සූදානම් නම් අපගේ පාපය කමා කිරීමට උන්වහන්සේ පොරොන්දු වී තිබේ. අපගේ පාප කියා දීම ලෙස හදුන්වන්නේ අප තුල පාපය ඇති බව පිලිගැනීම හා එය නැවත නොකිරීමය.
"දෙවියන්වහන්ස, මා විමසා බලා, මාගේ සිත දැනගත මැනව. මා පරීක්ෂාකොට, මාගේ සිතුවිලි දැනගත මැනව. යම් නපුරු මාර්ගයක් මා තුලේ ඇද්දැයි බලා, සදාකාල මාර්ගයෙහි මා ගෙනගිය මැනව." ගීතාවලිය 139:23-24
සදහන් ආකාරයට අපට අපගේ පාප කියා දීමට ආදර්ශයක් ගීතාවලිය කතුවරයා සපයා දී තිබේ.
එලෙසම අප අපගේ පාප කියා සිටි විට කමාව දීමට සූදානම්ව සිටින දෙවියන් වහන්සේ අපට කමාව ලබාදේ.
"ඔබ යහපත්ය, කමාවෙන්ට සූදානම්සේක, ඔබට යාචඤාකරන සියල්ලන්ට ඔබ බොහෝ කරැණාවන්තය."  ගීතාවලිය 86:5
යේසුස් වහන්සේගේ ලේ කරණකොටගෙන අපට කමාව ලබා දීමට සූදානම්ව සිටී. එලෙසම කමාව ලැබීමෙන් අනතුරුව අප නිවැරදිකරුවන් වන්නේ උන්වහන්සේ අපගේ පව් හා අධර්මිශඨ ක්‍රියා සිහි නොකිරීමට
" ඔවුන්ගේ පාපවල් සහ අධර්මිශ්ඨකම් තවත් සිහි නොකරන්නේමියි කියනසේක." හෙබ්‍රෙව් 10:17
හි උන්වහන්සේ අපට පොරොන්දුවී තිබෙන නිසාය.
එලෙසම අවසාන වශයෙන් අපද අපගේ පාපයට කමාව ලබා ගතිමු නම් අපගේ පාපය කමාකළාක්මෙන් අන් අයටද කමා කිරීමට තරම් සිතක් අප තුල ඇති කර ගැනීම අපගේද යුතුකම හා වගකීමද වේ.

යේසු පිහිටයි!!!


There were few comments for the earlier Salvation post regarding forgiveness. Even though I provided answer for them briefly through this post I am hoping to discuss further on forgiveness.
In our day to day lives we fall into sin sue to several decisions we make. Sin is going against the God’s will. In bible there are three types of ways which leads man in to sin.
Do not love the world or anything in the world. If anyone loves the world, love for the Father is not in them. For everything in the world—the lust of the flesh, the lust of the eyes, and the pride of life—comes not from the Father but from the world.   1 John 2:15-16
As it says in this text we face sin in three ways. They are lust of the flesh, lust of eyes and pride of life. Due to these we go against God and tend to fall into sin. We also carry the sin from the generation too.
The main reason for us to fall in sin is that when we face temptations we go according to our will and we tend to fall. But,
“If we confess our sins, he is faithful and just and will forgive us our sins and purify us from all unrighteousness.  If we claim we have not sinned, we make him out to be a liar and his word is not in us.”  1 John 1:9-10
As in this text God is faithful enough to forgive us if we are willing to confess our sins. Confessing is we reciting our sins and accepting that we have sinned and not doing it again.
“Search me, God, and know my heart; test me and know my anxious thoughts. See if there is any offensive way in me, and lead me in the way everlasting.” Psalms 139:23-24
Is an example from the Psalm poet for us how to confess our sin.
“You, Lord, are forgiving and good, abounding in love to all who call to you.” Psalms 86:5
He is a Lord who gives us forgiveness and it is a promise that he would not never ever remind those sins that he forgave.
“Their sins and lawless act, I will remember no more.” Hebrews 10:17
Finally we also should be able to forgive others as the way God forgave our sins. We have to show mercy for others as well as God showed to us.


God Bless You!!!