ලිපියක් ලිවීමට දෙවිදුන් ලබාදුන් අවස්ථාව ගැන එතුමන්ට සියළු ගෞරවයද ප්‍රශංසාවද මහිමයද පුද කර සිටිමි.
සාමන්‍යයෙන් එදිනෙදා ජීවිත්යෙදී අප් විසින් ආශා කරන සහ අප ලබා ගැනීමට හෝ සෙවීමට පෙලබෙන දේ බොහෝය. මෙලෙස අප සොයා යන සහ අපගේ ආශාවන් වර්ගීකරනය කිරීමේදී මැසිලොව් ගේ අවශ්‍යතා දූරාවලිය සැලකිය හැකිය.
1.
කායික
අවශ්‍යතාවයන්
2.
ආරක්ෂක
අවශ්‍යතාවයන්
3.
හිමිවන/ඇතිවන
අවශ්‍යතාවයන්
4.
ගරුසරුව
හා සැලකිල්ල
අවශ්‍යතාවයන්
5.
පුබුදුවීමේ අවශ්‍යතාවයන්
යන ප්‍රධාන කාණ්ඩ 5 යටතට අපිට වෙන් කරගත හැක. නමුත් සැලකිලිමත්ව නිරීක්ෂණය කිරීමේදී මෙවා සියල්ල ඉතා ඉක්මනින් අහිමි වී යා හැකිය. එය දේව වචනය තුල.

"මෙලොව ඔබට වස්තු රැස්කර නොගන්න. මලකඩ
ද කාවෝ ද ඒවා කා දමති. සොරුද උමං කැණ ඒවා සොරාගනිති. " මතෙව් 6:19.
මගින් අප සොයා යන මෙලොව වස්තු වල අවිනිශ්චිත භාවය මනාව අවබෝධ කරදී තිබේ. මෙලෙස මෙලොව කොතරම් වස්තු තිබුනද, ඒවා එකතු කලද අවසානයේ විනිශ්චයට මුහුන දීමට සිදුවන විට මෙවායින් අප ගෙනියන දෙයක් නැත.
යේසුස් වහන්සේ පවසන ආකාරයට අපරැස් කල යුතු වස්තුවක් ඇත එනම් සග සම්පත්ය.
"එහෙත්, ස්වර්ගයෙහි ඔබට වස්තු රැස්කර ගන්න.
එහිදී මලකඩ වත් කාවෝ වත් ඒවා නාස්ති නොකරති. සොරුද උමං කැණ ඒවා නාස්ති
නොකරති." මතෙව් 6:20.
ස්වර්ග රාජ්‍යයට උරුමකම් කියන ඔබ මම සදාකාල ජීවනය සදහා පිවිසෙන එම ස්ථානය තුල රැස්කරන වස්තු කිසිදා විනාශ නොවන බවට ක්‍රිස්තුස් වහන්සේ අපට මේ ආකාරයට පොරොන්දු වී ඇත.
මින් අනතුරුව සිත් තුල හටගන්නා අනෙක් ප්රශ්නය නම් "මොනවද මේ සග සම්පත් ?"
මින් අනතුරුව සිත් තුල හටගන්නා අනෙක් ප්රශ්නය නම් "මොනවද මේ සග සම්පත් ?"
1. "එහෙත් පළමුකොට උන්වහන්සේගේ රාජ්‍යයද
ධර්මිශ්ඨකමද සොයන්න;" මතෙව් 6:33.

2. "එක් එක්කෙනා අකැමැත්තෙන් වත් බලකිරීම
නිසා වත් නොව, සිය කැමැත්තෙන් තීරණය කරගත් ලෙස දිය යුතු ය. සතුටු සිතින් දෙන්නාට දෙවියන්
වහන්සේ ප්‍රේම කරන සේක." 2 කොරින්ති 9:7
දෙවිදුන්ගේ සැපයීම කොතරම්ද කියනවනම් එතුමා බොහෝවිට අපට අවශ්‍ය ප්‍රමාණයටත් වඩා කාලය, ශ්‍රමය, ධනය ලබා දී තිබේ. එතුමා අපෙන් බලා පොරොත්තු වන්නේ එම සැපයීම් වලින් නැවත දසයෙන් කොටසක් වැනි සුළු ප්රමාණයකි. එය දේව රාජ්‍යය සදහා ආයෝජනයකි. එනම්, සග සම්පත් රැස් කිරීම සදහා කැපකිරීමකි.
3. "එහෙත් මේ අති ශ්‍රේෂ්ඨ බලය අපගෙන් නොව
දෙවියන් වහන්සේගෙන් වන බව දක්වන පිණිස, අපි මේ වස්තුව රැස් කර තැබූ මැටි බදුන් හා සමානය." 2 කොරින්ති 4:7
අපි තුල ඇති ජීවිත සාක්ෂිය එනම් පෞද්ගලික මරණින් නැවත නැගිටීම පිලිබද සාක්ෂිය අප තුල ගැබ් උනාවූ අති විශාල බලයකි. මෙම බලය අන් අය සමග බෙදා ගැනීමද ඒ තුලින් ක්‍රිස්තුස් වහන්සේ තුල අප ලැබූවාවූ අත් දැකීම ඔවුනටද බෙදා දීමෙන් ඔවුන්වද සදාකාල ජීවනයට පැමිණවීම දෙවිදුන් අපෙක්ෂා කරයි. මෙය සදාකාල ජීවනයට පිවිසීමේදී අප රැස්කරගන්නා ජීවන්යේ තවත් සම්පතකි.
4. "ඔවුන් දැහැමි ක්‍රියාවල යෙදී සිටින
ලෙස ද දැහැමි ක්‍රියාවලින් ධනවත් වන ලෙස ද, සියල්ල අනුන් හා සමග ත්‍යාගශීලී ව
බෙදාගැනීමට ළැදි වන ලෙස ද අවවාද කරන්න. මෙසේ කිරීමෙන් ඔව්හූ අනාගතය සදහා ස්ථිර
පදනමක් වන ධන සම්භාරයක් රැස් කරගන්නෝ ය." 1 තිමෝති 6:18-19
මේ සියල්ල සමගම දේව අණපනත් අනුව යැමෙන් ද රැස් කර ගත හැකි සම්පත් පිලිබදව මෙම වචනයේ මැණවින් සදන් කර ඇත.
මෙලෙස දේව රාජ්‍යය සදහා සම්පත් රැස් කලවිට අපට මෙ ලෝකයේ ජීවත් වීමට අව්ශ්ය දේ කොයින්ද ? යේසුස් වහන්සේ එම අවශ්‍යතාද සපයන බව
"එවිට ඒ සියල්ලද ඔබට දෙනු ලැබේ." මතෙව් 6:33 මගින් අපට පෙන්වා දී ඇත.
මේ අනුව අපත් ලෞකික සැප සම්පත් නොව සග සම්පත් එකතු කිරීම සදහා අපගේ පෙරගමන් සකස් කර ගනිමු.
ඔබට යේසු පිහිටයි!!!