Thursday, October 20, 2011

ගැළවීම... Salvation…





පෙර ලිපියෙන් ක්‍රිස්තුස් වහන්සේ මාගේ ජීවිතයට පිලිගත් අකාරය බෙදාගත් අතර එහිදි එතුමන් තුල මා ලැබූ ජීවිත පරිවර්තනය ඔබ හා බෙදා ගත්තෙමි. මෙම ලිපිය තුලින් මා විසින් පලමු ලිපියෙන් සදහන් කර ඇති ගැළවීම පිලිබදව සටහන් කරමි.
ලෝකයේ ආරම්භයේදී ආදම් සහ ඒවගෙ පාපයට වැටීම තුලින් අප සෑම සියළු දෙනාටම පරම්පරාගත පාපයට සහ මරණයට උරුමකම් කීමට සිදුවිය. සාතන් විසින් එම අවස්ථාවේදී මනුෂ්‍යයා පාපයට පොළඹවා තමා දෙවියන් වහන්සේට වඩා බලවත් යයි පෙන්වීමට හැදුවත් සිදු වුයේ දෙවියන් වහන්සේ සහ මනුෂ්‍යයා අතර සෘජු සම්බන්ධතාවය ටික කලකට බිද වැටීම පමණි. 
මිනිසා විසින් නොයෙක් ආකාර වලින් උන්වහන්සේ වෙතට ලං වීමට උත්සාහ දැරුවද තම ස්ව උත්සහයෙන් එසේ කිරීමට නොහැකි වුනි.


උන්වහන්සේ විසින් මැවුවාවු මනුෂ්‍යයා පාපයට තව තවත් ඇදී යාම තුලින් සදාකාලයටම විනාශයට පත් වීම අපට අතිශයින් ප්‍රේමණීය වූ එතුමන්ට දරාගත නොහැකි විය.

"මක්නිසාද දෙවියන් වහන්සේ ස්වකීය ඒකජාතක පුත්‍රයාණන් දෙන තරම් ලොකයාට ප්‍රේම කල සේක. එසේ කළේ උන්වහන්සේ කෙරෙහි අදහාගන්න සෑමදෙනම සදාකාල ජීවනය ලබන පිණිසය." යොහාන් 3:16
එතුමන් විසින් සිය පුත්‍රයා මෙම ලෝකයට එවනු ලැබූවේ මෙලෙස උන්ව්හන්සේ හා තිබුනාවූ සම්බන්ධතාව නැවත පිහිටුවීම පිණිසය. එනම් සදාකාල ජීවනය අපට ලබාදෙන පිණිසය.

ලොකයට පැමිණි යේසුස් වහන්සේ සිය අවුරුදු 33ක ජීවිතය සහ 3න් අවුරුදු සේවා කාලය තුල අප විසින් දෙවියන් වහන්සේ හ සම්බන්ධ වීමට කල යුතු දේ දේශනා කර දෙවියන් වහන්සේගේ බලය අපට අත්දැකීමක් කොට ලබා දී අවසානයේදී

"එසේය, උන්වහන්සේ අපේ සියලු වරද අපට කමාකළසේක; අපට විරුද්ධව, අපට එදිරිව තිබුණාවූ නියෝගවල ලියවිල්ල මකා දමා, ඒක කුරුසියෙහි ඇණගසා අහක්කළසේක." කොලොස්සි 2:13-14
කිසි වරදක් නොකල එතුමන් අපගේ පාපය නිසා සිය දිවි කුරුසියක් (එකල වරද කරුවෙකුට දෙන ඉහලම දඩුවම ) මත සිය දිවි පුජා කීරීමට තරම් අපට ප්‍රේම කරන ලදී.
එසේ සිය දිවි කුරුසිය මත පූජා කල එතුමන් තුන් දිනකින් ජයාන්විතව නැගිටීම තුලින් දෙවියන වහන්සේ හා අප අතර බිදුනාවූ සම්බන්ධතාවය නැවත අළුත් කරමින් අපට සදාකාල ජීවනය උරුමකර දීමට සමත් විය.
ගැලවීම යන්න හුදෙක් වචනයක් පමණක් නොව පාපයට ඇති කමාව හා යේසුස් වහන්සේ පිලිගැනීම සහ එතුමන් ඇදහීම තුලින් සදාකාල ජීවනය ලබා ගැනීමේ ක්‍රියාවලියයි. ක්‍රිස්තුස් වහන්සේගේ පොරොන්දුව අනුව

"සැබවක් නුබලාට කියමි- මාගේ වචනය අසා, මා එවූ තැනන්වහන්සේ අදහන්නාට සදාකාල ජීවනය තිබේ. ඔහු විනිශ්චයට පත්නොව, මරණය කෙරෙන් ජීවනයට පැමිණ සිටියි" යොහාන් 5:24
අපටද පාප කමාව ලබා සදාකාල ජීවනය ලැබීමට යේසුස් වහන්සේ තුලින් අප සැමට පුළුවන්ය.

ඔබට දේව පිහිටයි!!!



From the previous post I shared my experience of accepting Jesus as my personal savior and the result I achieved through that. From this post I would like to share the Salvation that is described in the earlier post.
In the beginning due to the first sin committed by Adam and Eve all of came across inheriting sin from generation and death. All though Satan’s intention was to win against God that act only ended up resulting in a short term distance between God and his beloved humans. Humans took various actions to renew the relationship with God, but was failed to do it by their own.

God couldn’t stand to see his beloved own creation going to eternal death.
For God so loved the world that he gave his one and only Son, that whoever believes in him shall not perish but have eternal life.  John 3:16
God sent his own son in to this world to give us all forgiveness to our sins and to grant us the joy of entering in to eternal living.

During his life of 33 years of life and 3 years of service, Jesus Christ teached us how to build a relationship with God and showed his powers. Finally

God made you alive with Christ. He forgave us all our sins, having canceled the charge of our legal indebtedness, which stood against us and condemned us; he has taken it away, nailing it to the cross.” Colossians 2:13-14
Even though Christ was without any sin he was crucified because of our sins. He loved us to that extend to sacrifice his life on a cross for us.

Christ’s victorious rising after three days resulted in building our relationship with God back again. Also the ability to enter in to eternal life through him.

 Salvation is just not a word it is forgiveness to sins and accepting Jesus Christ and the ability to gain eternal life through Christ. According to Christ’s promise

Very truly I tell you, whoever hears my word and believes him who sent me has eternal life and will not be judged but has crossed over from death to life. John 5:24
All of us are capable of getting our sins forgiven and gain access to eternal life.



May God Bless You!!!
   

Thursday, October 13, 2011

සවන්දීම... listen...


"මෙන්න මම දොර ලග සිට තට්ටු කරමි, යමෙක් මාගේ හඩ අසා දොර ඇරියොත්, ඔහු වෙතට ඇතුල්ව, ඔහු සමග කෑම කන්නෙමි, ඔහුද මා සමග කන්නේය" එලිදරව් 3:20
කුඩා කල සිට මෙම වචන අසා තිබුනද උන්වහන්සේ කිහිප වතාවක් මගේ සිතට තට්ටු කර තිබුනද මගේ සවන් ඒ වෙත යොමු කිරීමට අකමැති වුනෙමි. 2007 අප්‍රියෙල් මාසය වන විට මගේ ජීවිතයේ දරුණු කඩා වැටීම්කට ලක් වී අරමුණක් නැතිව ඉබාගාතෙ යමින් සිටියෙමි. ප්‍රශ්න වලට මැදිව, ඊලග පියවර කුමක් දැයි නොදැන අතරමංව සිටියෙමි.
මෙවන් අවස්ථාවක දී බොහෝ දෙනා මෙන් අරමුණක් සොයන්න මහන්සි වෙවි ඉද්දි. දිනය හරියටම මතක නැති වුවත් මගෙ කුඩා කල පටන් යහළුවෙක් (නමසදහන් කරන්වාට ඔහු අකමැතිය) විසින් අප පාසලේ ශිෂ්‍ය ක්‍රිස්තියානි සංගමය මගින් පැවැත්වුවාවූ කදවුරකට යන්න කතා කලා. යන්න එතරම් කැමැත්තක් නොතිබුනත් ඔහුගෙ පෙරැත්තය නිසා යන්න තීරණය කලා.

"මක්නිසාද ස්වකීය ඒකජාතක පුත්‍රයාණන් දෙනතරම් ලෝකයාට ප්‍රේම කළ සේක. එසේ ක්ළේ උන් වහන්සේ කෙරෙහි අදහා ගන්නා සෑම දෙනා විනශ නොවී සදාකල ජීවනය ලබන පිණිසය" යොහන් 3:16
පදය තුලින් නොවැදගත් වූ මට උන්වහන්සේ කෙතරම් ප්‍රේම කලාද යන්න මගෙ හදවතේ කෙලවරටම වැදුනි.

"යේසුස් වහන්සේ කියනසේක්: මර්ගයද සත්‍යයද ජීවනයද මමය. මා කරණකොටගෙන මිස කිසිවෙක් පියණන්වහන්සේ වෙතට පැමිණෙන්නේ නැත." යොහන් 14:6
මෙම වචනය මම කියවා සහ අසා තිබුනද මා සොයමින් සිටි සත්‍ය මම වටහා ගත්තේ මෙම කදවුරේදීය. යේසුස් වහන්සේගේ කුරුසියෙ දිවි පිදීම සහ නැවත නැගිටීම තුලින් දෙවියන් වහන්සේ සහ අප අතර තිබිනාවු සම්බන්ධතාවය නැවත අළුත් වීම සහ පාප කමාව ලැබීම තුලින් නැවත එම සබධතාවය අළුත් කර ගැනීමට හැකි බව සහ මගේ ජීවිතයේ පෞද්ගලික ගැලවුම්කරු ලෙස ක්‍රිස්තුස් වහන්සේ පිලිගැනීමට මට හැකි විය. එදා පටන් අද වන තෙක් උන්වහන්සේ සපයා ඇති ආශිර්වාද ඉතාමත් අසීමිතය. 
උන්වහන්සේ අපට අත්‍යවශ්‍ය මොහොතේදී අපට හෙලිදරව් වෙමින් ඒ තුලින් අපගේ ජීවිතයේ ඉදිරි සැලැස්ම සහ අපගේ එදිනෙදා  අවශ්‍යතා සපයණ ආකාරය ඉතා අනර්ඝය. ඉදිරි ලිපි වලින් තව අත්දැකීම් සහ දේව වචනය තුලින් මා ඉගෙන ගත් දේ ඔබ වෙත....

ඔබට යේසු පිහිටයි!!!

“Behold I stand at the door and knock; if anyone hears My voice and opens the door, I will come into him” Revelations 3:20
From my childhood I’ve heard this bible passage. Several times through various means I’ve been knocked but my stubbornness kept me away from listening to him. By April 2007 I was experiencing a deep fall in my life. I was left astray stuck in some problems without knowing what should be the next step of my life.
At this time as most of people I was searching for a purpose for my life. Although I can’t remember the date exactly a friend of mine (who doesn’t like to mention his name) invited me for a camp held by our student Christian movement. Though I didn’t wanted to go there because my friend forced me to come I decided to go.
“For God so loved the world, that He gave His only begotten Son, that whoever believes in Him should not perish, but have eternal life” john 3:16
This verse touched my heart with how God loved a person who was not worthy as me.
“Jesus said, I am the way the truth and the life; no one comes to the Father, but through me” John 14:6
I have read this and learned about it, while I was at this camp only I managed to understand its meaning. Through Jesus’ sacrifice on the cross and reincarnation only that we can rebuild our broken relationship with God. By confessing my sin and starting a new journey with Christ helped me to accept Jesus into my life. Since that day the amount of blessings that he has provided is uncountable.
Whenever when we need him he reveals to us and through that he provides our daily needs in magnificent ways. In future posts I will bring forth more experiences and what I learnt through his word…

May God Bless You!!! 

දිගු ගමනක ඇරඹුම... Beginning of a long journey...

දිගු කලක පටන් බ්ලොග් පිටුවක් පල කිරීමට සිතා සිටියද ඒ සදහා කුමන තේමාවක් පාදක කරගන්නේද යන්න ගැටළුවක්ව තිබුනි.

නමුත්, දෙවියන් වහන්සේ තුල මා ලැබූ අත්දැකීම් සහ එදිනෙදා ලැබෙන්නාවූ මග පෙන්වීම් ඔබ සමග බෙදා ගැනීමට මෑත දිනයකදී මට මග පෙන්වුවාවූ දෙවි සමිදුන්ට තුති.

මෙහි පලවන ලිපි මගින් ඔබගේ එදිනෙදා ජීවිතයට රුකුලක් සහ ප්‍රශ්න වලට පිලිතුරක් ලැබෙනු ඇතැයි විශ්වාස කරමි.

මෙහි පලවන ලිපි මා විසින් සකස් කර ඇති අතර සිදුවන ප්‍රමාද දෝශයන්ට සමාව ඇයද සිටිමි. 

ඔබට දේව පිහිටයි!!!

From a long time I had an idea of publishing a blog. The problem was how am I going to start it and what theme should I use?

I would like to thank God for bringing up the idea of writing about the experiences I had and daily directions I receive from him.

I believe that the posts will help you to find a solution to your problems and a guide to your day to day life.

All these posts are compiled by myself and I would like to apologize regarding mistakes I make while writing this blog.

May God Bless You!!!