Sunday, January 6, 2013

නිධාන... Treasures...


ලිපියක් ලිවීමට දෙවිදුන් ලබාදුන් අවස්ථාව ගැන එතුමන්ට සියළු ගෞරවයද ප්‍රශංසාවද මහිමයද පුද කර සිටිමි. 

සාමන්‍යයෙන් එදිනෙදා ජීවිත්යෙදී අප් විසින් ආශා කරන සහ අප ලබා ගැනීමට හෝ සෙවීමට පෙලබෙන දේ බොහෝය. මෙලෙස අප සොයා යන සහ අපගේ ආශාවන් වර්ගීකරනය කිරීමේදී මැසිලොව් ගේ අවශ්‍යතා දූරාවලිය සැලකිය හැකිය.
1.      කායික අවශ්යතාවයන්
2.      ආරක්ෂක අවශ්යතාවයන්
3.      හිමිවන/ඇතිවන අවශ්‍යතාවයන්
4.      ගරුසරුව හා සැලකිල්ල අවශ්‍යතාවයන්
5.      පුබුදුවීමේ අවශ්‍යතාවයන්

යන ප්‍රධාන කාණ්ඩ 5 යටතට අපිට වෙන් කරගත හැක. නමුත් සැලකිලිමත්ව නිරීක්ෂණය කිරීමේදී මෙවා සියල්ල ඉතා ඉක්මනින් අහිමි වී යා හැකිය. එය දේව වචනය තුල.
 

"මෙලොව ඔබට වස්තු රැස්කර නොගන්න. මලකඩ ද කාවෝ ද ඒවා කා දමති. සොරුද උමං කැණ ඒවා සොරාගනිති. " මතෙව් 6:19.
 

මගින් අප සොයා යන මෙලොව වස්තු වල අවිනිශ්චිත භාවය මනාව අවබෝධ කරදී තිබේ. මෙලෙස මෙලොව කොතරම් වස්තු තිබුනද, ඒවා එකතු කලද අවසානයේ විනිශ්චයට මුහුන දීමට සිදුවන විට මෙවායින් අප ගෙනියන දෙයක් නැත.

යේසුස් වහන්සේ පවසන ආකාරයට අපරැස් කල යුතු වස්තුවක් ඇත එනම් සග සම්පත්ය. 

"එහෙත්, ස්වර්ගයෙහි ඔබට වස්තු රැස්කර ගන්න. එහිදී මලකඩ වත් කාවෝ වත් ඒවා නාස්ති නොකරති. සොරුද උමං කැණ ඒවා නාස්ති නොකරති." මතෙව් 6:20.

ස්වර්ග රාජ්‍යයට උරුමකම් කියන ඔබ මම සදාකාල ජීවනය සදහා පිවිසෙන එම ස්ථානය තුල රැස්කරන වස්තු කිසිදා විනාශ නොවන බවට ක්‍රිස්තුස් වහන්සේ අපට මේ ආකාරයට පොරොන්දු වී ඇත.

මින් අනතුරුව සිත් තුල හටගන්නා අනෙක් ප්‍රශ්නය නම් "මොනවද මේ සග සම්පත් ?"

1. "එහෙත් පළමුකොට උන්වහන්සේගේ රාජ්‍යයද ධර්මිශ්ඨකමද සොයන්න;" මතෙව් 6:33.

උන්වහන්සේ මූලිකව අපෙන් බලාපොරොත්තු වන්නේ උන්වහන්සේ අපට පැවසූ ආකරයට දේව රාජ්‍යට ඇතුල් වීම සදහා වෙර දැරීමවන අතර එ සදහා දේව වචනය තුල එදිනෙදා ජීවිතයේ පැවත්මයි. උන්වහන්සේගේ රාජ්‍ය සෙවීම තුල අපට සදාකාල ජීවනයට ඇතුලු වීමට අවශ්‍ය මූලික සුදුසුකම වන පව් කමාවට පිවිසිය හැක. මේතුල ජීවන දායක පොතේ අපගේ නම සටහන් වීමෙන් ප්‍රථම සග සම්පත උරුම කරගත හැකිය.

2. "එක් එක්කෙනා අකැමැත්තෙන් වත් බලකිරීම නිසා වත් නොව, සිය කැමැත්තෙන් තීරණය කරගත් ලෙස දිය යුතු ය. සතුටු සිතින් දෙන්නාට දෙවියන් වහන්සේ ප්‍රේම කරන සේක." 2 කොරින්ති 9:7


දෙවිදුන්ගේ සැපයීම කොතරම්ද කියනවනම් එතුමා බොහෝවිට අපට අවශ්‍ය ප්‍රමාණයටත් වඩා කාලය, ශ්‍රමය, ධනය ලබා දී තිබේ. එතුමා අපෙන් බලා පොරොත්තු වන්නේ එම සැපයීම් වලින් නැවත දසයෙන් කොටසක් වැනි සුළු ප්‍රමාණයකි. එය දේව රාජ්‍යය සදහා ආයෝජනයකි. එනම්, සග සම්පත් රැස් කිරීම සදහා කැපකිරීමකි. 



3. "එහෙත් මේ අති ශ්‍රේෂ්ඨ බලය අපගෙන් නොව දෙවියන් වහන්සේගෙන් වන බව දක්වන පිණිස, අපි මේ වස්තුව රැස් කර තැබූ මැටි බදුන් හා සමානය." 2 කොරින්ති 4:7

අපි තුල ඇති ජීවිත සාක්ෂිය එනම් පෞද්ගලික මරණින් නැවත නැගිටීම පිලිබද සාක්ෂිය අප තුල ගැබ් උනාවූ අති විශාල බලයකි. මෙම බලය අන් අය සමග බෙදා ගැනීමද ඒ තුලින් ක්‍රිස්තුස් වහන්සේ තුල අප ලැබූවාවූ අත් දැකීම ඔවුනටද බෙදා දීමෙන් ඔවුන්වද සදාකාල ජීවනයට පැමිණවීම දෙවිදුන් අපෙක්ෂා කරයි. මෙය සදාකාල ජීවනයට පිවිසීමේදී අප රැස්කරගන්නා ජීවන්යේ තවත් සම්පතකි.

 4. "ඔවුන් දැහැමි ක්‍රියාවල යෙදී සිටින ලෙස ද දැහැමි ක්‍රියාවලින් ධනවත් වන ලෙස ද, සියල්ල අනුන් හා සමග ත්‍යාගශීලී ව බෙදාගැනීමට ළැදි වන ලෙස ද අවවාද කරන්න. මෙසේ කිරීමෙන් ඔව්හූ අනාගතය සදහා ස්ථිර පදනමක් වන ධන සම්භාරයක් රැස් කරගන්නෝ ය." 1 තිමෝති 6:18-19
 
මේ සියල්ල සමගම දේව අණපනත් අනුව ‍යැමෙන් ද රැස් කර ගත හැකි සම්පත් පිලිබදව මෙම වචනයේ මැණවින් සදන් කර ඇත.

මෙලෙස දේව රාජ්‍යය සදහා සම්පත්  රැස් කලවිට අපට මෙ ලෝකයේ ජීවත් වීමට අව්ශ්‍ය දේ කොයින්ද ? යේසුස් වහන්සේ එම අවශ්‍යතාද සපයන බව
"එවිට ඒ සියල්ලද ඔබට දෙනු ලැබේ." මතෙව් 6:33 මගින් අපට පෙන්වා දී ඇත.

මේ අනුව අපත් ලෞකික සැප සම්පත් නොව සග සම්පත් එකතු කිරීම සදහා අපගේ පෙරගමන් සකස් කර ගනිමු. 

ඔබට යේසු පිහිටයි!!!


 




11 comments:

  1. සග්ග සම්පන්ති ( දෙව්ලොව සැපත) ලැබීමට පස් පවින් වැලකිය යුතු බවත්, දන් දිය යුතු බවත් බුදු දහමෙහි ද සදහන් වේ.

    නිවැරදි දේව වචනය බෙදා හැරීම ද සග සම්පතිය ලැබීමට හේතු වේ. නැවත ලියන්න පටන් ගැනීම ගැන සතුටුයි. දෙවි පිහිටයි.

    සග්ග සම්පත්තිය ගැන බුදුන්ගේ වචනය http://www.lakehouse.lk/budusarana/2011/02/11/PrintPage.asp?REF=vision04

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තූතියි ජොරා. සග සම්පත් ලබා ගැනීමට ක්‍රියා කිරීමට ප්‍රථමව අප ක්‍රිස්තුස් අදහා ගැනීමද, එතුමන් වචනය විශ්වාස කිරීමද කල යුතුව තිබෙනවා. මේ සම්බන්දව පෙර ලිපි වලද සදහන් කරන ලදී.

      Delete
  2. එතුමන් වචනය විශ්වාස කිරීම යන්නෙ හි අදහස එතුමන් මෙලොව බිහි වීමට පෙර කිසිවකුත් සග සම්පත්ති නොලැබූ බවද ? නැත්නම් ඊට පෙර සිටම එතුමන් වචනය විශ්වාස කල අය සිටී බවද?

    ReplyDelete
  3. එතුමා ඒමට ප්‍රථමව මිනිසුන්ට දෙවියන්වහන්සේට හා දේව රාජ්‍යයට සෘජුව සම්බන්ධතාවයක් නොමැති විය. නමුත් කලින් කලට දිවැසිවරුන් විසින් එම සම්බන්ධතාවයේ අතරමැදියන් ලෙස කටයුතු කරන ලදී. නමුත් යේසුස් ක්‍රිස්තුස් මෙලොවට පැමිණීම හා කුරුසිය මත දිවී පිදීම නිසා එතුමන් ඇදහීම තුල අප එක් එක් කෙනට පෞද්ගලිමව දේව සබධතාවයට පැමිණීමේ භාග්‍ය හිමිව තිබේ.

    "සැබවක් නුබලාට කියමි- මාගේ වචනය අසා, මා එවූ තැනන්වහන්සේ අදහන්නාට සදාකාල ජීවනය තිබේ. ඔහු විනිශ්චයට පත්නොව, මරණය කෙරෙන් ජීවනයට පැමිණ සිටියි" යොහාන් 5:24

    ReplyDelete
  4. මට මේවා පැහැදිලි කර දීම ගැන ඔබට ස්තූතිවන්ත වෙමි. ඒත් සතුරාට පවා ප්‍රේම කල උන්වහන්සේ ඉතා යහපත් ජීවිත ගතකල මිනිසුන්ට උන්වහන්සේ නොඇදහු පමණින්ම දේව රාජ්‍යයය අහිමි කරන්නේ ඇයි?
    ඒක නිකං තමාට අපක්ෂපාතී ගෝලයන් කෙතරම් හොදට ලකුණු ගත්ත ද අසමත් කරනවා වගේනේ. අපි ඉතා යහපත් ජීවිතයක් ගතකලත් උන්වහන්සේ නොඅදහන්නේ නම් මරණින් මතු නිරයේ උපදීද?

    ReplyDelete
    Replies
    1. ඔබගේ උදාහරණය ඉතාමත් හොදයි නමුත් ඔබට එක් කරුණක් මග ඇරී ඇති බව පෙනේ. දෙවියන්වහන්සේගේ මුල් මැවීම වන ආදම් සහ ඒවගේ පාපය හේතුකොටගෙන අප සෑම දෙනාම උපතින් පව්කරුවන් බවට පත් වෙමු. ඔබ මම උපදින්නේ මෙම පාපයට උරුමකම් කියමිනි. අප කෙතරම් හොදින් ජීවත් වුව්ද මෙම ජන්මික පාපයට අපි නිතැනින්ම උරුමකම් කියමු. ‍යේසු කුරුසියේ දිවි පිදීම තුල අපේ මෙම ජන්මික පාපයට නිදහස ලැබීම සිදුවිය.
      නිසැනින්ම අප අපේ ජන්මික පාපය පිලි නොගෙන එනම් ක්‍රිස්තුස් පිලි නොගතහොත් අපට සදාකාල ජීවනයේ උරුමය නැති වන බව දේව වචනය මෙලෙස පවසයි.

      "යේසුස් වහන්සේ කියනසේක්: මර්ගයද සත්‍යයද ජීවනයද මමය. මා කරණකොටගෙන මිස කිසිවෙක් පියණන්වහන්සේ වෙතට පැමිණෙන්නේ නැත." යොහන් 14:6

      පෙර ලිපි වලද මේ පිලිබදව සදහන් කර ඇත.....

      Delete
  5. This comment has been removed by the author.

    ReplyDelete
  6. This comment has been removed by the author.

    ReplyDelete
  7. අප උපතින්ම පව්කාරයන් බව මා දැන සිටියේ නෑ. අපට ජීවය දෙනු ලබන්නේ උන්වහන්සේ නිසා මා සිතා සිටියේ අප පුණ්‍යයවන්තයෝ කියායි.
    එතකොට පියාණන් වහන්සේ වෙතට නොපැමිනෙන අයට කුමක් සිදුවේද?

    ReplyDelete
    Replies
    1. අප මැවීමේදී පුණ්‍යවන්තයන්ව සිටි නමුත් අපගේම නොසැලකිලිමත් කම නිසා පාපිෂ්ඨයන් බවට පත් වී සිටිමු.
      උන්වහන්සේ අදහානොගන්නවුන්ට සදාකාල ජීවනය උරුම නොවන අතර සදාකාල ගින්න කරා යාම සිදු වේ..

      Delete
  8. එය එසේ නම් වහා දේව වචනය බෙදා හැරිය යුතුය. මන්ද කුරා කූඹියකුටවත් වරදක් නොකල මිනිසුන්ද ඔවුන්ගේ මුල් පුරුක වන ආදම් හා ඒවාගේ වරදින් ගින්න කරා යන්නෝය.

    එබැවින් ඔබ කරන සේවය මහත් සේ අගය කොට සලකමි. දිගටම ලියන්න සුභ පතනවා !

    ReplyDelete