Thursday, October 20, 2011

ගැළවීම... Salvation…





පෙර ලිපියෙන් ක්‍රිස්තුස් වහන්සේ මාගේ ජීවිතයට පිලිගත් අකාරය බෙදාගත් අතර එහිදි එතුමන් තුල මා ලැබූ ජීවිත පරිවර්තනය ඔබ හා බෙදා ගත්තෙමි. මෙම ලිපිය තුලින් මා විසින් පලමු ලිපියෙන් සදහන් කර ඇති ගැළවීම පිලිබදව සටහන් කරමි.
ලෝකයේ ආරම්භයේදී ආදම් සහ ඒවගෙ පාපයට වැටීම තුලින් අප සෑම සියළු දෙනාටම පරම්පරාගත පාපයට සහ මරණයට උරුමකම් කීමට සිදුවිය. සාතන් විසින් එම අවස්ථාවේදී මනුෂ්‍යයා පාපයට පොළඹවා තමා දෙවියන් වහන්සේට වඩා බලවත් යයි පෙන්වීමට හැදුවත් සිදු වුයේ දෙවියන් වහන්සේ සහ මනුෂ්‍යයා අතර සෘජු සම්බන්ධතාවය ටික කලකට බිද වැටීම පමණි. 
මිනිසා විසින් නොයෙක් ආකාර වලින් උන්වහන්සේ වෙතට ලං වීමට උත්සාහ දැරුවද තම ස්ව උත්සහයෙන් එසේ කිරීමට නොහැකි වුනි.


උන්වහන්සේ විසින් මැවුවාවු මනුෂ්‍යයා පාපයට තව තවත් ඇදී යාම තුලින් සදාකාලයටම විනාශයට පත් වීම අපට අතිශයින් ප්‍රේමණීය වූ එතුමන්ට දරාගත නොහැකි විය.

"මක්නිසාද දෙවියන් වහන්සේ ස්වකීය ඒකජාතක පුත්‍රයාණන් දෙන තරම් ලොකයාට ප්‍රේම කල සේක. එසේ කළේ උන්වහන්සේ කෙරෙහි අදහාගන්න සෑමදෙනම සදාකාල ජීවනය ලබන පිණිසය." යොහාන් 3:16
එතුමන් විසින් සිය පුත්‍රයා මෙම ලෝකයට එවනු ලැබූවේ මෙලෙස උන්ව්හන්සේ හා තිබුනාවූ සම්බන්ධතාව නැවත පිහිටුවීම පිණිසය. එනම් සදාකාල ජීවනය අපට ලබාදෙන පිණිසය.

ලොකයට පැමිණි යේසුස් වහන්සේ සිය අවුරුදු 33ක ජීවිතය සහ 3න් අවුරුදු සේවා කාලය තුල අප විසින් දෙවියන් වහන්සේ හ සම්බන්ධ වීමට කල යුතු දේ දේශනා කර දෙවියන් වහන්සේගේ බලය අපට අත්දැකීමක් කොට ලබා දී අවසානයේදී

"එසේය, උන්වහන්සේ අපේ සියලු වරද අපට කමාකළසේක; අපට විරුද්ධව, අපට එදිරිව තිබුණාවූ නියෝගවල ලියවිල්ල මකා දමා, ඒක කුරුසියෙහි ඇණගසා අහක්කළසේක." කොලොස්සි 2:13-14
කිසි වරදක් නොකල එතුමන් අපගේ පාපය නිසා සිය දිවි කුරුසියක් (එකල වරද කරුවෙකුට දෙන ඉහලම දඩුවම ) මත සිය දිවි පුජා කීරීමට තරම් අපට ප්‍රේම කරන ලදී.
එසේ සිය දිවි කුරුසිය මත පූජා කල එතුමන් තුන් දිනකින් ජයාන්විතව නැගිටීම තුලින් දෙවියන වහන්සේ හා අප අතර බිදුනාවූ සම්බන්ධතාවය නැවත අළුත් කරමින් අපට සදාකාල ජීවනය උරුමකර දීමට සමත් විය.
ගැලවීම යන්න හුදෙක් වචනයක් පමණක් නොව පාපයට ඇති කමාව හා යේසුස් වහන්සේ පිලිගැනීම සහ එතුමන් ඇදහීම තුලින් සදාකාල ජීවනය ලබා ගැනීමේ ක්‍රියාවලියයි. ක්‍රිස්තුස් වහන්සේගේ පොරොන්දුව අනුව

"සැබවක් නුබලාට කියමි- මාගේ වචනය අසා, මා එවූ තැනන්වහන්සේ අදහන්නාට සදාකාල ජීවනය තිබේ. ඔහු විනිශ්චයට පත්නොව, මරණය කෙරෙන් ජීවනයට පැමිණ සිටියි" යොහාන් 5:24
අපටද පාප කමාව ලබා සදාකාල ජීවනය ලැබීමට යේසුස් වහන්සේ තුලින් අප සැමට පුළුවන්ය.

ඔබට දේව පිහිටයි!!!



From the previous post I shared my experience of accepting Jesus as my personal savior and the result I achieved through that. From this post I would like to share the Salvation that is described in the earlier post.
In the beginning due to the first sin committed by Adam and Eve all of came across inheriting sin from generation and death. All though Satan’s intention was to win against God that act only ended up resulting in a short term distance between God and his beloved humans. Humans took various actions to renew the relationship with God, but was failed to do it by their own.

God couldn’t stand to see his beloved own creation going to eternal death.
For God so loved the world that he gave his one and only Son, that whoever believes in him shall not perish but have eternal life.  John 3:16
God sent his own son in to this world to give us all forgiveness to our sins and to grant us the joy of entering in to eternal living.

During his life of 33 years of life and 3 years of service, Jesus Christ teached us how to build a relationship with God and showed his powers. Finally

God made you alive with Christ. He forgave us all our sins, having canceled the charge of our legal indebtedness, which stood against us and condemned us; he has taken it away, nailing it to the cross.” Colossians 2:13-14
Even though Christ was without any sin he was crucified because of our sins. He loved us to that extend to sacrifice his life on a cross for us.

Christ’s victorious rising after three days resulted in building our relationship with God back again. Also the ability to enter in to eternal life through him.

 Salvation is just not a word it is forgiveness to sins and accepting Jesus Christ and the ability to gain eternal life through Christ. According to Christ’s promise

Very truly I tell you, whoever hears my word and believes him who sent me has eternal life and will not be judged but has crossed over from death to life. John 5:24
All of us are capable of getting our sins forgiven and gain access to eternal life.



May God Bless You!!!
   

4 comments:

  1. පාප කමාව කියන්නේ මොකක්ද? අප කරන පව් වලට සමාව ගැනීමද?

    ReplyDelete
  2. පාප කමාව යනු අපගේ පව් වලට ලැබෙන කමාව වන අතර. පව් වලට සමාව ලබා ගැනීමට අප පාපොච්චාරණය කල යුතු වේ.

    ReplyDelete
  3. කිතු දහම අනුව පාපෝච්චාරණය කිරීමෙන් ඕනෑම පුද්ගලයෙකුට පව් සමා කර ගත හැකිද?

    ReplyDelete
  4. තමා එම පාපය කලා යැයි තේරුම් ගෙන එය මුළු සිතින්ම පිළිගෙන එනම්, පසුතැවිලි වී පාපොච්චාරණය කලහොත් ඕනෑම පාපයකට කමාව ලබා ගත හැකිය.

    ReplyDelete